සංයුක්ත
නිකායේ එන මෙම වණරෝප සූත්‍රය වර්තමාන කාලයට කොතරම් අගනේද?
දිනක් මධ්‍යම රාත්‍රිෙය්දී බුදුරජානන් වහන්සේ වෙත පැමිනි එක්තරා දිව්‍ය
පුත්‍රයෙක් උන්වහන්සේට වැද නමස්කාර කොට එකත්පස්ව සිට සුහදව කතා බස් කොට මේ ප්රශ්නය
ඉදිරිපත් කර ඇත.
“කේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩති -
ධම්මට්ඨා සීල සම්පන්නා තේ ජනා සග්ග ගාමිනෝ“
කවර කෙනෙකුට වුවද කෙබදු ක්‍රියාවක් සිදු
කිරීමෙන් දිවා රාත්‍රී දෙකෙහි පිං වැඩෙන්නේද ? මරනින් මතු දෙව්ලොව යන්නෝ කවර හුද?
තථාගතයන්වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන් සේක.
“ආරාම රෝපා වන රෝපා - යේ ජනා සේතු කාරකා
පපඤ්ච උදපානංච - යේ දදන්ති උපස්සයං.
“යම්
පුද්ගලයෙක් කොල - දළු - අතු - මල් - ගෙඩි - හටගන්නා ගස් කොළන් වවන්නෝද නා, සපු ,
සල්, නුග, බෝ, කළුවර, බුරුත, සූරිය, නැදුන්, කොස් ආදී සෙවන දෙන සිසිල් ගුණය ලබා
දෙන , ගුවනේ පහතින් පාවෙන වළාකුළු පවා රදවා ගැනීමට සමත් රූක්ෂ කැළෑ ගස් කොළන්
වවන්නෝද, ඇළ, දොළ, ගංගා තරණය කළ හැකි ඒදඩු පාලම් තනවන්නෝ ද, මිනිසා ප්‍රධාන සකල
සත්වයන්ටම ප්‍රයෝජනයට ගත හැකි පරිදි පිරිසිදු ලිං, පිරිසිදු පැන් පොකුනු හා
ගොවිතැනට ජලය ලබා ගතහැකි වැව් අමුණු තනවන්නෝ ද, අතිශය වැදගත් මිනිස් දහමක් වන ජනී
ජනයාගේ හිසට සෙවන ලබා දෙන ගෙවල් දොරවල් තනා දෙන්නෝ ද, සැමදා කොතනක සිටියද තමන්ට
දිවා රාත්‍රී දෙකෙහි පින් වැඩෙන, මරණින් පසු දෙව් ලොව උපදින පුන්‍ය කර්මයෝ ය“ යි
මින් කියැවෙන්නේ පින් වැඩෙන පින්කම් ලෙස
දාන, ශීල, භාවනා වැනි ත්‍රිවිධ පුණ්‍ය කර්ම, සගසතු දානමය පින්කම්, කඪින පින්කම්
ආදිය පමනක් නොව ඉහත සදහන් පින්කම් ද නිතර පින් වැඩෙන කුසල් වශයෙන් සදහන් කොට ඇති
බව ය. රටම මහෝපකාරී වන ඉහත පින්කම් මහ පින්කම් බව දිව්‍ය පුත්‍රයාට සදහන් කිරීමෙන්
පසු ඔහු ද බුදුරදුන් ගෙන් ඉස්මතු වන ගුණ බුදුගුණ ගැන මවිතයට පත් විය. මේ
පිළිතුරින් උන්වහන්සේ ලෝකය, රට, ජනතාව පිළිබදවත්, සකළ ප්‍රානීන් පිළිබදවත් දැක්වූ
කාරුණික සැලකිල්ල මොනවට පැහැදිලි ය.